spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව වෛරසය ගැන ලෝක සෞඛය සංවිධානයෙන් අනතුරු ඇගවීමක්

ඇතැම් රාජ්‍යයන් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ඉලක්ක කරමින් අතාර්කික පියවරයන් හඳුන්වා දෙන බවත්, ඒවා සාක්ෂි මත පදනම්ව ක්‍රියාමාර්ග ගන්නා දකුණු අප්‍රිකාව ඇතුළු රටවලට දඬුවම් කරන සහ ආතතිය ඇති කරන තත්ත්වයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කරයි.

ටෙඩ්‍රොස් අද්නොම් ගෙබ්‍රයෙසුස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය දරන රාජ්‍යයන් 194 අමතමින් කියා සිටියේ, තම සංවිධානයේ 2005 ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව තාර්කික, සමානුපාතික අවදානම්-අඩු කිරීමේ පියවර ගන්නා ලෙසය.

“ඔමික්‍රෝන් සම්ප්‍රේෂණයේ ඇති බලපෑම, රෝගයේ බරපතලකම සහ පරීක්ෂණ, ප්‍රතිකාර සහ එන්නත්වල ඵලදායීතාව පිළිබඳව අපට තවමත් පිළිතුරුවලට වඩා ප්‍රශ්න පවතිනවා” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?