spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව විදුලිබල පනත් කෙටුම්පත සඳුදා (20) අමාත්‍ය මණ්ඩලයට

යෝජිත නම විදුලි බල පනත් කෙටුම්පත ලබන සඳුදා (20) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යංශයේ නිළධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වූ බවයි.

විදුලිබල ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම, කැබිනට් මණ්ඩල වෙත ඉදිරිපත් කර ඇති අවසන් පනත් කෙටුම්පත, තාක්ෂණික අවශ්‍යතා, ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමග පැවති සාකච්ඡා වල මතුවූ යෝජනා සහ සංවර්ධන නියෝජිත ආයතන වලින් ලැබෙන සහය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගෙන තිබෙනවා.

නව පනතේ යෝජනා කරන සැකසුම් රාමුව ගැන මෙන්ම විදුලිබල ක්ෂෙත්‍රයේ ආයෝජන අවස්ථා වේගවත් කිරීම සම්බන්ධයෙන් ද අවශ්‍ය නීති සකස් කිරීම පිළිබඳවද සාකච්ඡාවට ගත් බව සඳහන්.

ඒ අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති යෝජිත නව විදුලිබල පනත එළබෙන සදුදා දින කැබිනට් මණ්ඩලයේ න්‍යාය පත්‍රයටද ඇතුලත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?