නව වසරේ පළමු කැබිනට් රැස්වීම අද

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

පස්වරු 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය ආරම්භ වනු ඇති.

පසුගිය සතියේදී කැබිනට් මණ්ඩල රැස්වීම නොතිබූ බැවින් අද දිනයේ දී කැබිනට් පත්‍රිකා වැඩි සංඛ්‍යාවක් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල අද කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවා නොමැති බවද වාර්තා වනවා.