නව රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙක් අමාත්‍යාංශවල වැඩ භාරගනී

නව රජයේ පත්වීම ලැබූ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් අද (19) එම අමාත්‍යාංශවල වැඩ භාරගත්තා.

ඒ, අනුව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආනන්ද විජේපාල අද පස්වරුවේ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී වැඩ භාරගනු ලැබුවා.

වැඩ භාරගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පොලිස් දෙපාර්තමේන්තුවට දේශපාලන මැදිහත්වීමකින් තොරව ස්වාධීනව කටයුතු කරගෙන යාමට ඉදිරියට අවස්ථාව උදාවන බවයි.

මේ අතර විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන ද, බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි විද්‍ය හා තාක්ෂණ අමාත්‍යාංශයේ දී සිය රාජකාරී ආරම්භ කළා.

එමෙන්ම කැබිනට් අමාත්‍ය වසන්ත සමරසිංහ අද (19) පස්වරුවේ වෙළද, වානිජ්‍ය ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ වැඩ භාරගනු ලැබුවා.

මේ අතර කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වීම් ලැබූ කේ.ඩී ලාල්කාන්ත අද සිය අමාත්‍යංශයේ වැඩ භාරගත්තේ ගොවිජන මන්දිරයේ දීයි.

වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කේ.ඩී ලාල්කාන්ත අමාත්‍යවරයා පැවසුවේ රටට යහපත් ප්‍රතිඵල ලබාගැනීමට නම් තෘප්තිමත්ව වැඩකරන රාජ්‍ය සේවකයින් පිරිසක් අවශ්‍ය බවයි.

ඊට අමතරව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද දිනයේ වැඩ භාරගත් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කර සිටියේ කඩා වැටී ඇති කර්මාන්ත නඟා සිටුවා ආර්ථිකයේ ජාතික පංගුව වැඩි කිරීමට අනෙකුත් සියලුම ආයතන සහ අමාත්‍යාංශ සමඟ එක්ව ඒකාබද්ධවක කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර නව රජයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් වෛද්‍ය නලින්ද ජයතිස්ස ද අද (19) එම ආමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කළා.

සෞඛ්‍ය සම්බන්ධයෙන් ජනතාව තුළ මේ වනවිට බිඳ වැටී ඇති විශ්වාසය යළි ස්ථාපිත කිරීම තමන්ට පැවරී ඇති ප්‍රධානතම අභියෝගය සහ වගකීම බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩ භාර ගැනීමෙන් අනතුරු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
චාමර සම්පත් කැම්බල් පිටිය නිරීක්ෂණයට ගැම්මට එයි..ආණ්ඩුව පලවා හැරීමේ පළවෙනි රැල්ලනේ මේ
02:53
Video thumbnail
පසන් කස්තුරි මාලිමාවේ හඬ පටයක් ලීක් කරයි ?.."මහින්දලාගේ ගේමක් තමයි මේක"ඔන්න සාක්ෂි
07:33
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53