spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව මහ කොමසාරිස්වරයෙක් සහ තානාපතිවරු තිදෙනෙක් අක්ත පත්‍ර භාර දෙයි (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ සිය රාජකාරී කටයුතු අරඹමින් නව මහ කොමසාරිස්වරයෙක් සහ තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්නා.

ඒ කොළඹ ගාලු මුවදොර ජනාධිපති කාර්යාලයේදී.

මෙලෙස ජනාධිපතිවරයාට අක්තපත්‍ර භාර දුන්නේ නව මහ කොමසාරිස්වරයෙක් සහ තානාපතිවරු තිදෙනෙක්.

ඒ අනුව එස්වාටිනි හෙවත් සිවාසීලන්තයේ නව මහ කොමසාරිස්වරයා ලෙස මෙන්සි සයිෆෝ ද්ලමිනි මහතා ද, රුමේනියාවේ නව තානාපති ලෙස ස්ටෙලුටා ආහයර් මහත්මියද, කිර්ගීස් ජනරජයේ නව තානාපති ලෙස අස්කාර් බෙෂිමෝව් මහතා ද, තුර්ක්මේනිස්ථානයේ නව තානාපති ලෙස ශලාර් ගෙල්ඩිනසරොෆ් මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්නා.

මෙම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද එක්ව සිටියා.

Credentials 009
Credentials 0010
Credentials 0011
Mr. Menzie Sipho Dlamini
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?