නව බදුවලට එරෙහිව උද්ඝෝෂකයින් කෙන්යානු පාර්ලිමේන්තුවට ගිනි තබයි

කෙන්යාවේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට ගිනි තබා විනාශ කර තිබෙනවා.

මෙම සිදුවීමට හේතුව වී ඇත්තේ එරට රජය විසින් ජනතාව මත නව බදු යෝජනාවලියක් ක්‍රියාත්මක කිරීමයි.

ඊට එරෙහි වෙමින් විරෝධතාකරුවන් වීදි බැස උද්ඝෝෂණ සිදු කරමින් පැමිණ පාර්ලිමේන්තුවට කඩා වැදී තිබෙනවා.

පසුව තත්ත්වය සමනය කිරීමට ආරක්ෂක අංශ සහ පොලිසිය ද පැමිණ ඇති බවත්; පොලිස් වෙඩි පහරින් විරෝධතාකරුවන් 05 දෙනෙකු අවම වශයෙන් හෝ ජීවිතක්ෂයට පත් ව ඇති බවත් බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.

විරෝධතාකරුවන් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල් වී එම පරිශ්‍රයේ කොටසක් ගිනි තබා ඇති බවයි පැවසෙන්නේ.

නයිරෝබි අගනුවර පිහිටි එරට පාර්ලිමේන්තුවේ කොටස් ගිනි ගැනීම සහ රට තුළ කලහකාරී තත්ත්වයක් ඇති වීම සම්බන්ධයෙන් ඊයේ (25) පස්වරුවේ එරට ජනාධිපති ලියම් රූටෝ හදිසි ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේ තම රටේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය අඩපණ කිරීමට භයානක අපරාධකරුවන් විසින් දරන ඕනෑම උත්සාහයක් ව්‍යර්ථ කිරීමට අවශ්‍ය හැකි සෑම ප්‍රයත්නයක් ම දරන බවයි.

බදු වැඩිකිරීම් කිහිපයක් ඇතුළත් මූල්‍ය පනත් කෙටුම්පතකට එරෙහිව මෙම විරෝධතා දින ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වනවා.

එවන් පසුබිමකදියි උද්ඝෝෂණ තීව්‍ර වී මෙලෙස පාර්ලිමේන්තුවට ගිනි තබා ඇත්තේ.

ඊයේ කෙන්යානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංශෝධිත පනත් කෙටුම්පත සම්මත කිරීමත් සමගයි උද්ඝෝෂකයින් කුපිත ව පාර්ලිමේන්තුවට කඩා වැදී ඇත්තේ.

ව්‍යවස්ථාදායකයේ බලය සංකේතවත් කරන චාරිත්‍රානුකූල සෙංකෝලය ද විරෝධතාකරුවන් විසින් සොරකම් කරගෙන ගොස් තිබෙනවා.

කෙන් යාවේ සම්මත නව බදු ප්‍රතිපත්ති අතර මහාමාර්ග භාවිත කිරීම වෙනුවෙන් 16%ක බද්දක් සහ සනීපාරක්ෂක තුවා සඳහා ද බදු මුදලක් අය කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20