නව බදුවලට එරෙහිව උද්ඝෝෂකයින් කෙන්යානු පාර්ලිමේන්තුවට ගිනි තබයි

කෙන්යාවේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට ගිනි තබා විනාශ කර තිබෙනවා.

මෙම සිදුවීමට හේතුව වී ඇත්තේ එරට රජය විසින් ජනතාව මත නව බදු යෝජනාවලියක් ක්‍රියාත්මක කිරීමයි.

ඊට එරෙහි වෙමින් විරෝධතාකරුවන් වීදි බැස උද්ඝෝෂණ සිදු කරමින් පැමිණ පාර්ලිමේන්තුවට කඩා වැදී තිබෙනවා.

පසුව තත්ත්වය සමනය කිරීමට ආරක්ෂක අංශ සහ පොලිසිය ද පැමිණ ඇති බවත්; පොලිස් වෙඩි පහරින් විරෝධතාකරුවන් 05 දෙනෙකු අවම වශයෙන් හෝ ජීවිතක්ෂයට පත් ව ඇති බවත් බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.

විරෝධතාකරුවන් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල් වී එම පරිශ්‍රයේ කොටසක් ගිනි තබා ඇති බවයි පැවසෙන්නේ.

නයිරෝබි අගනුවර පිහිටි එරට පාර්ලිමේන්තුවේ කොටස් ගිනි ගැනීම සහ රට තුළ කලහකාරී තත්ත්වයක් ඇති වීම සම්බන්ධයෙන් ඊයේ (25) පස්වරුවේ එරට ජනාධිපති ලියම් රූටෝ හදිසි ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේ තම රටේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය අඩපණ කිරීමට භයානක අපරාධකරුවන් විසින් දරන ඕනෑම උත්සාහයක් ව්‍යර්ථ කිරීමට අවශ්‍ය හැකි සෑම ප්‍රයත්නයක් ම දරන බවයි.

බදු වැඩිකිරීම් කිහිපයක් ඇතුළත් මූල්‍ය පනත් කෙටුම්පතකට එරෙහිව මෙම විරෝධතා දින ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වනවා.

එවන් පසුබිමකදියි උද්ඝෝෂණ තීව්‍ර වී මෙලෙස පාර්ලිමේන්තුවට ගිනි තබා ඇත්තේ.

ඊයේ කෙන්යානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංශෝධිත පනත් කෙටුම්පත සම්මත කිරීමත් සමගයි උද්ඝෝෂකයින් කුපිත ව පාර්ලිමේන්තුවට කඩා වැදී ඇත්තේ.

ව්‍යවස්ථාදායකයේ බලය සංකේතවත් කරන චාරිත්‍රානුකූල සෙංකෝලය ද විරෝධතාකරුවන් විසින් සොරකම් කරගෙන ගොස් තිබෙනවා.

කෙන් යාවේ සම්මත නව බදු ප්‍රතිපත්ති අතර මහාමාර්ග භාවිත කිරීම වෙනුවෙන් 16%ක බද්දක් සහ සනීපාරක්ෂක තුවා සඳහා ද බදු මුදලක් අය කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09