spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව පොලිස්පති අනුරපුර පූජා භූමියට – අටමස්ථානාධිපති නා හිමිත් බැහැදකී

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (02) සවස අනුරාධපුරයට පැමිණ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

අනතුරුව නව පොලිස්පතිවරයා ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය වැඳපුදා ගත්තා.

පසුව එහි පැමිණ සිටි පිරිස් වෙත ආහාර ලබාදීමක් ද පොලිස්පතිවරයා විසින් සිදුකරනු ලැබුවා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ යුක්තිය මෙහෙයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

විදෙස් රටවල්වල සැඟ වී සිටින මෙරට අපරාධකරුවන් කොටුකර ගැනීම සඳහා ඉදිරියේ දී කටයුතු කරන බව පෙන්වා දුන් පොලිස්පතිවරයා පොලිසිය තුළ සිටින මත්ද්‍රව්‍ය භාවිත කරන පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනමකට ලක් කරන බවත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?