නව පොලිස්පති යුධ හමුදාපති හමුවෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ අතර හමුවක් අද (20)දිනයේ සිදුවුණා.

මෙම හමුව පැවැත්වුණේ යුධ හමුදා මූලස්ථානයේදීයි.

පොලිස්පතිධූරයේ පසුගියදා රාජකාරි ආරම්භ කළ දේශබන්දු තෙන්නකෝන් එම ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසුව පළමු වරටයි මෙලෙස යුධ හමුදාධිපතිවරයාව හමුවුණේ.

යුධ හමුදා මූලස්ථානයට පැමිණි පොලිස්පතිතුමා වෙත යුධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ හා සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීමද මෙහිදී සිදුකෙරුණා.

අනතුරුව, යුධ හමුදාධිපතිතුමන් විසින් පොලිස්පතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව එතුමන් වෙත යුධ හමුදාවේ සියලුම ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හඳුන්වා දීමට කටයුතු කළා.

යුධ හමුදාධිපතිතුමන් සහ පොලිස්පතිතුමන් අතර පැවති සුහඳ හමුවේදී යුධ හමුදාව සහ පොලිසිය අතර අන්‍යොන්‍ය සහයෝගීතාවයෙන් යුතුව රාජකාරි සිදුකිරීම පිළිබඳව අදහස් හුවමාරු කරගනු ලැබුවා.

මෙම හමුව අවසානයේදී, සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරගත් අතර, අනතුරුව පොලිස්පතිතුමන් අමුත්තන්ගේ සමරු සටහන් පෙතෙහි සටහනක් ලියා තැබීමටයි කටයුතු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වානේ නිවසේ නවතම තත්ත්වය..ලොක්කොන්ගේ දේපළ එළියට ආවා කියලා කළබලයක් වෙලා
04:22
Video thumbnail
මිලියන 6000ක බැඳුම්කර වංචාවක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..සමාගමට දෙයියන්ගෙම පිහිටයි
06:31
Video thumbnail
කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56
Video thumbnail
තාත්තයි දුවයි එකම තැන එළොව ගිය වන අලි ප්‍ර#හාරය..කාන්තාව හැඬූ කදුලින් වැදලා ඉල්ලපු දේ
04:11
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17