spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව පොලිස්පති යුධ හමුදාපති හමුවෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ අතර හමුවක් අද (20)දිනයේ සිදුවුණා.

මෙම හමුව පැවැත්වුණේ යුධ හමුදා මූලස්ථානයේදීයි.

පොලිස්පතිධූරයේ පසුගියදා රාජකාරි ආරම්භ කළ දේශබන්දු තෙන්නකෝන් එම ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසුව පළමු වරටයි මෙලෙස යුධ හමුදාධිපතිවරයාව හමුවුණේ.

යුධ හමුදා මූලස්ථානයට පැමිණි පොලිස්පතිතුමා වෙත යුධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ හා සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීමද මෙහිදී සිදුකෙරුණා.

අනතුරුව, යුධ හමුදාධිපතිතුමන් විසින් පොලිස්පතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව එතුමන් වෙත යුධ හමුදාවේ සියලුම ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හඳුන්වා දීමට කටයුතු කළා.

යුධ හමුදාධිපතිතුමන් සහ පොලිස්පතිතුමන් අතර පැවති සුහඳ හමුවේදී යුධ හමුදාව සහ පොලිසිය අතර අන්‍යොන්‍ය සහයෝගීතාවයෙන් යුතුව රාජකාරි සිදුකිරීම පිළිබඳව අදහස් හුවමාරු කරගනු ලැබුවා.

මෙම හමුව අවසානයේදී, සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරගත් අතර, අනතුරුව පොලිස්පතිතුමන් අමුත්තන්ගේ සමරු සටහන් පෙතෙහි සටහනක් ලියා තැබීමටයි කටයුතු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?