නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මහම්මදු සරිෆු අබ්දුල් වාහිබ් අද (08) දිවුරුම් දෙනු ලැබුවා.

ඒ, කතානායක ජගත් වික්‍රමරත්නගේ ඉදිරියේ දීයි.

සාලි නලීම්ගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩුව පැවති එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මහම්මදු සරිෆු අබ්දුල් වාහිබ් මන්ත්‍රීවරයා මෙලෙස අද දිනයේ දිවුරුම් දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්