spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව පරිසර පනතක් කඩිනමින්

නව පරිසර පනතක් කඩිනමින් ගෙන එන ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

වර්තමානයට ගැලපෙන පරිසර පනතක් කඩිනමින්ම ගෙන ආ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ.

පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව සඳහන් කළේ මධ්‍යම පරිසර අධිකාරියේ පැවති සාකච්ඡාවකදීයි.

1988 අංක 56 සහ 2000 අංක 53 දරන පනත් මගින් සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත වර්තමානයේ ක්‍රියාත්මක වනවා.

එබැවින් දැනට ක්‍රියාත්මක “ජාතික පාරිසරික පනත” සංශෝධනය කිරීමට වඩා නව පනතක් ගෙන ඒම කාලෝචිත බවයි අමාත්‍යවරයා පවසන්නේ.

පනත සංශෝධනය කිරීම තුළින් බොහෝ පාරිසරක ගැටලු විසදීමට අවශ්‍ය පියවර ගත හැකි බව ද හෙතෙම මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

ඒ අනුව, පරිසරය සුරකිමින් තිරසර සංවර්ධනයක් වෙත පිය නැගිය හැකි ලෙස නව ජාතික පරිසර පනතක් ගෙන ඒමේ කටයුතු කඩිනම් කරන ලෙසටයි අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරිය වෙත උපදෙස් ලබා දුන්නේ.

නිවාස සංකීර්ණ ඉදිකිරීමේ දී පරිසරයට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳ සොයා බලා එම බලපෑම් අවම කළ හැකි ක්‍රමවේද වෙත යොමු වීමට අවශ්‍ය පියවර ගැනීම, වැසි ජල කළමනාකරණය, පුනර්ජනනීය බලශක්ති භාවිතය ආදී වැඩපිළිවෙළ වෙත යොමුවීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ලෝකයම පරිසරය සුරැකීමේ අවශ්‍යතාව පිළිබඳ කතිකාවතක් ඇතිකර ගෙන තිබෙන යුගයක අප ද පුළුල් දැක්මකින් යුතුව සෑම ක්‍ෂේත්‍රයක් වෙතම අවධානය යොමුකරමින් හරිත ආර්ථිකයකට අවශ්‍ය පදනම සකස් කිරීමට කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් හරිත ආර්ථිකයක් ගොඩ නැගීමට අවශ්‍ය කටයුතු වෙත යොමුවී සිටීම පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය ඉදිරි පියවර සඳහා මහත් ශක්තියක් වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

රාජ්‍ය ආයතනයක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ද ස්වයංපෝෂිත ආයතනයක් බවට පත්විය හැකි වන ලෙස ආයතනයේ ආර්ථික තත්වය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගැනීම මගින් රටේ ආර්ථිකයට දායක විය හැකි අතර එලෙසම පරිසර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍යමය ශක්තිය ඇති කර ගැනීමට හැකි වන බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මෙයට වසර 10-15 පෙර පරිසර ක්ෂේත්‍රය ලෝකයේ 10-15 ස්ථානයක පැවතිය ද ගෙවුණු වසර පහ හය තුළ එය 3-4 ස්ථානවලට පැමිණ ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ, අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?