නව පරිසර පනතක් කඩිනමින්

නව පරිසර පනතක් කඩිනමින් ගෙන එන ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

වර්තමානයට ගැලපෙන පරිසර පනතක් කඩිනමින්ම ගෙන ආ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ.

පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව සඳහන් කළේ මධ්‍යම පරිසර අධිකාරියේ පැවති සාකච්ඡාවකදීයි.

1988 අංක 56 සහ 2000 අංක 53 දරන පනත් මගින් සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත වර්තමානයේ ක්‍රියාත්මක වනවා.

එබැවින් දැනට ක්‍රියාත්මක “ජාතික පාරිසරික පනත” සංශෝධනය කිරීමට වඩා නව පනතක් ගෙන ඒම කාලෝචිත බවයි අමාත්‍යවරයා පවසන්නේ.

පනත සංශෝධනය කිරීම තුළින් බොහෝ පාරිසරක ගැටලු විසදීමට අවශ්‍ය පියවර ගත හැකි බව ද හෙතෙම මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

ඒ අනුව, පරිසරය සුරකිමින් තිරසර සංවර්ධනයක් වෙත පිය නැගිය හැකි ලෙස නව ජාතික පරිසර පනතක් ගෙන ඒමේ කටයුතු කඩිනම් කරන ලෙසටයි අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරිය වෙත උපදෙස් ලබා දුන්නේ.

නිවාස සංකීර්ණ ඉදිකිරීමේ දී පරිසරයට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳ සොයා බලා එම බලපෑම් අවම කළ හැකි ක්‍රමවේද වෙත යොමු වීමට අවශ්‍ය පියවර ගැනීම, වැසි ජල කළමනාකරණය, පුනර්ජනනීය බලශක්ති භාවිතය ආදී වැඩපිළිවෙළ වෙත යොමුවීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ලෝකයම පරිසරය සුරැකීමේ අවශ්‍යතාව පිළිබඳ කතිකාවතක් ඇතිකර ගෙන තිබෙන යුගයක අප ද පුළුල් දැක්මකින් යුතුව සෑම ක්‍ෂේත්‍රයක් වෙතම අවධානය යොමුකරමින් හරිත ආර්ථිකයකට අවශ්‍ය පදනම සකස් කිරීමට කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් හරිත ආර්ථිකයක් ගොඩ නැගීමට අවශ්‍ය කටයුතු වෙත යොමුවී සිටීම පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය ඉදිරි පියවර සඳහා මහත් ශක්තියක් වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

රාජ්‍ය ආයතනයක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ද ස්වයංපෝෂිත ආයතනයක් බවට පත්විය හැකි වන ලෙස ආයතනයේ ආර්ථික තත්වය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගැනීම මගින් රටේ ආර්ථිකයට දායක විය හැකි අතර එලෙසම පරිසර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍යමය ශක්තිය ඇති කර ගැනීමට හැකි වන බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මෙයට වසර 10-15 පෙර පරිසර ක්ෂේත්‍රය ලෝකයේ 10-15 ස්ථානයක පැවතිය ද ගෙවුණු වසර පහ හය තුළ එය 3-4 ස්ථානවලට පැමිණ ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ, අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

  1. GIYA GIYA THANA HEMA THANAMA HEMA KAMA WENASUWA WAGEYI MEKATH WANASALA DAPAN. URANTA MONA SAWUKYA DHA? EKANE AHINSAKAYO DARUWO SAHENA GANAK MARILA YANAKAMMA BALA BEHETH SEYLAINE GENAWE. MARENA WELAWATA GODAK DUK WINDHINNE MUN WAGEYI EWUN.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09