නව තානාපතිවරු සිව්දෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අක්තපත්‍ර භාරදෙයි

ශ්‍රී ලංකාවට පත්ව සිටින නව තානාපතිවරු සිව්දෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාර දුන්නා.

ඒ අනුව,

පැපුවා නිව්ගිනියා ස්වාධීන රාජ්‍යයේ මහකොමසාරිස් ලෙස Vincent Sumale (නවදිල්ලියේ නේවාසික)
සෝමාලියානු ෆෙඩරල් ජනරජයේ තානාපති ලෙස Abdullahi Mohammed Odowa (නවදිල්ලියේ නේවාසික)
ලක්සම්බර්ග් ජනරජයේ තානාපති ලෙස Christian Biever (නවදිල්ලියේ නේවාසික)
වතිකානයේ අපෝස්තලික තානාපති ලෙස Monsignor Andrzej Józwowicz පියතුමා
පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස් ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් Nayyar Naseer
කුවේට් රාජ්‍යයේ තානාපති ලෙස Saleh Mubarak Al-Sarawi

මෙසේ ජනපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාර දෙනු ලැබුවා.

අක්තපත්‍ර පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කතාබහකද නිරත වූ අතර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන අය ද මෙම අවස්ථාවට සහභාගීව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23