නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාරදෙති (ඡායාරූප)

මෙරටට අලුතින් පත් ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා.

ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය සහ ඉරානය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත් ව සිටින බවයි වාර්තා වන්නේ.

අද දිනයේ දී ජනාධිපතිවරයා හට අක්තපත්‍ර භාරදුන් තානාපතිවරුන්ගේ නම් පිළිවෙළින්; ආචාර්ය සිරි වොල්ෆ්
(H.E. Dr.Siri Walf) ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනිය ලෙසත්, කාමන් මොරෙනෝ (H.E.Ms. Carmen Moreno) මෙරට යුරෝපා සංගමයේ තානාපතිනිය ලෙසත් පත් ව සිටිනවා.

මෙරට ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති ලෙස ආචාර්ය ඇලිරෙසා ඩෙල්කොෂ් (H.E Dr. Alireza Delkhosh) ද සිය අක්ත පත්‍ර භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන පිරිස් මෙම අවස්ථාවට එක් වූ බවයි.

WhatsApp Image 2023 10 24 at 16.45.34
WhatsApp Image 2023 10 24 at 16.45.35 1
WhatsApp Image 2023 10 24 at 16.45.35
WhatsApp Image 2023 10 24 at 16.45.36


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32