spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාරදෙති (ඡායාරූප)

මෙරටට අලුතින් පත් ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා.

ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය සහ ඉරානය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත් ව සිටින බවයි වාර්තා වන්නේ.

අද දිනයේ දී ජනාධිපතිවරයා හට අක්තපත්‍ර භාරදුන් තානාපතිවරුන්ගේ නම් පිළිවෙළින්; ආචාර්ය සිරි වොල්ෆ්
(H.E. Dr.Siri Walf) ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනිය ලෙසත්, කාමන් මොරෙනෝ (H.E.Ms. Carmen Moreno) මෙරට යුරෝපා සංගමයේ තානාපතිනිය ලෙසත් පත් ව සිටිනවා.

මෙරට ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති ලෙස ආචාර්ය ඇලිරෙසා ඩෙල්කොෂ් (H.E Dr. Alireza Delkhosh) ද සිය අක්ත පත්‍ර භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන පිරිස් මෙම අවස්ථාවට එක් වූ බවයි.

WhatsApp Image 2023 10 24 at 16.45.34
WhatsApp Image 2023 10 24 at 16.45.35 1
WhatsApp Image 2023 10 24 at 16.45.35
WhatsApp Image 2023 10 24 at 16.45.36
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?