spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව ඩිජිටල් හැඳුනුම්පතකට පුද්ගලයින් ලියාපදිංචි කිරීම ළඟදීම

නව ඩිජිටල් හැඳුනුම්පතක් ලබාදීම සඳහා මෙරට වයස අවුරුදු 15ට වැඩි ජාතික හැඳුනුම්පත් ලබාගෙන සිටින සියලුම දෙනා නැවත ලියාපදිංචි කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරි ජෙනරාල් වියානි ගුණතිලක සඳහන් කළේ මෙම ලියාපදිංචි කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවයි.

එමෙන්ම නව ජාතික හැඳුනුම්පත සකස් කිරීමේ දී ජීවදත්ත තොරතුරුවලට අමතරව ජීවමිතික තොරතුරු ඊට ඇතුළත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව ඉදිරියේ දී නිකුත් කරනු ලබන හැඳුනුම්පත ‘ශ්‍රී ලංකා යුනික් ඩිජිටල් අයි.ඩී’ ලෙස හඳුන්වන බවයි කොමසාරි ජෙනරාල්වරයා පැවසුවේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?