spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව ගුවන් හමුදාපතිට පත්වීම් ලිපිය පිරිනැමේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී යි ඒ මහතා වෙත භාර දෙනු ලැබුවේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වත්මන් මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා එයාර් මාර්ෂල් නිලයට උසස් කරමින් ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර තිබෙනවා.

එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයායි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඒ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහි වු පළමු ගුවන් හමුදාපතිවරයා ලෙසද සැලකෙනවා.

1988 වසරේ දී ශිෂ්‍ය භටයෙකු ලෙස කොතලාවල ආරක්ෂක විද්‍යාලයට එක්වෙමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඒ මහතා අනුරාධපුර කඳවුරු අංක 01 පියාසර පුහුණුව ලබා ගනිමින් 33වැනි ගුවන් ශිෂ්‍යභට පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍ය භටයා ලෙස ද පත්වුණා.

අනතුරුව දේශීය මෙන්ම විදේශීය පුහුණුවද ලබා ගනිමින් පියාසර නිලධාරියෙකු ලෙස ඔහු විශිෂ්ට දස්කම් දක්වා තිබෙනවා.

ගුවන් හමුදාපති ධුරයට පත්වීමට ප්‍රථම ඔහු අවසන් වරට ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?