නව කොවිඩ් ප‍්‍රභේද රටට ආවේ කොහොමද ? රවි කුමුදේශ්ගේ හෙළිදරව්ව

නව කොවිඞ් රැල්ල ඇතිවීමට හේතු වූ නව ප‍්‍රභේද රටට ඇතුළුවීම වළකා ගැනීමට නොහැකි වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි මාර්ගෝපදේශ නිසා බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවි කුමුදේශ් මහතා ඊයේ (28 දා) පැවසීය.

ඩෙල්ටා, ඔමික්‍රොන් හෝ කුමන ප‍්‍රභේදයක් වුවත් එය රටට ඇතුළුවීම ඉතා පහසුවෙන් වළක්වා ගත හැකිව තිබුණත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අවශ්‍ය පියවර නොගැනීම නිසා වේගයෙන් පැතිර යන ඔමික්‍රොන් රැල්ල රට ගිලගනිමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

මෙරට සිදුවූ කොවිඞ් මරණ අනුපාතය අඩු අගයක් පෙන්නුම් කළ මොහොතක කොවිඞ් අවසන් යැයි සිතා කටයුතු කිරීමේ ආදීනව මේ වනවිට රට භුක්ති විඳිමින් සිටින බව ද හෙතෙම කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කුමුදේශ් මහතා මෙසේද කීවේය.

මේ වනවිට කොවිඞ් ධාරිතාවේ සීමාව ඉක්මවමින් පවතිනවා. පී. සී. ආර්. හෝ ඇන්ටිජන් කිරීමේ පහසුකම් නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින ගැටලූ පිළිබඳව සාකච්ඡුා කරන්න තැනක් නැහැ. ඇහුම්කන් දෙන්න කෙනෙක් නැහැ. දෙසැම්බර් මාසයේ පළමු සතියේදී තමයි පළමු ‘ඔමික්‍රොන්’ ආසාදිතයා හඳුනා ගත්තේ. එන්නත් නොකළ යුවළක් තමයි ලංකාවට ‘ඔමික්‍රොන්’ රැගෙන ආවේ. ගුවන් තොටුපළේ නීති ලිහිල් නිසා තමයි මෙහෙම වුණේ. ඊට පස්සෙ කැසිනෝ ගහන්න ආපු ඉන්දියානුවා ඔමික්‍රොන් එක්ක රට පුරා ඇවිද්දා. කවුරුත් කිසිම පරීක්‍ෂාවක් කළේ නැහැ. දැන් රට පුරාම ‘ඔමික්‍රොන්’



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29