නව කොරෝනා වෛරස් ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන්

කේරළයෙන් පළමු වරට හඳුනාගත් ජේ.එන්.1 නැමැති නව කොරෝනා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා.

මෙම ජේ.එන්.1 නමැති කොවිඩ් වෛරස් ප්‍රභේදය ව්‍යාප්තියත් සමඟ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට අමතරව සිංගප්පූරුවේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ද කොවිඩ් ආසදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන අතර, ජේ.එන්.1 නැමැති නව වෛරස් ප්‍රභේදය ඊය හේතුව වී ඇති බවයි හඳුනාගෙන ඇත්තේ.

ජේ.එන්.1 යනු කොවිඩ් 19 ඔමික්‍රෝන් වයිරස ප්‍රභේදයේ බී.ඒ.2.86 නමැති උප ප්‍රභේදය විකෘති වී නිර්මාණය වූ ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන ආකාරයේ වෛරසයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

“බය වෙන්න හේතුවක් නැහැ,”ජේ.එන්.1 වයිරසය වේගයෙන් ව්‍යාප්ත වෙනවා. මෙම වයිරසය මහජන සෞඛ්‍යයට තර්ජනයක් වෙලා. ඒ ගැන අවධානයෙන් පසුවීම වැදගත්. මුව ආවරණ පැළඳීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගෙන යෑම මඟින් මෙයින් ආරක්ෂා වෙන්න පුළුවන්” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරු අල්ලන එක ඉස්සරහට දාලා දේශපාලන පළිගැනීම් කරනවා
07:13
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි - උඹට කවුද දුන්නේ ?ගණන් කරපන්
01:35
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරනවට රටේ ඉන්න තරුණයන් විරුද්ධයි
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.04
08:27:07
Video thumbnail
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
02:27
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:54
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
03:59
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා - එතකොට බලාගන්නම්
02:48
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39