නව කැලණි පාලම අසල ඝාතනයකට 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට

නව කැලණි පාලම අසලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනයට සම්බන්ධ 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී සැකකරුවන් තියුණු ආයුධවලින් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි මරණයට පත්වී ඇත්තේ. ඔහු සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක්.

සැකකාර තරුණයන් දෙදෙනා කොළඹ 14 සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් මියගිය පුද්ගලයාගෙන් ජංගම දුරකථනය ඉල්ලා සිටීමේදී ඇති වූ බහින්බස්වීමක් මත මෙම ඝාතනය සිදු කර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34