නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළව පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව ජනපතිට

පවතින ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළව පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජගත් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී තිබෙනවා.

මෙම වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ ආශ්‍රයෙන් විධිමත් කෙටුම්පතක් සම්පාදනය කර නව ක්‍රීඩා පනතක් සම්මතකර ගැනීමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව වී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ වර්තමාන නීතිමය රාමුව සහ ක්‍රීඩා පරිපාලනයේ පවතින ව්‍යුහය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙත භාර දී ඇති මෙම විශේෂඥ අධ්‍යයන කමිටු වාර්තාවේ මූලික නිර්දේශයක් වනුයේ, පවතින නීතිමය රාමුව සහ පරිපාලන ව්‍යුහය පුළුල් ලෙස වෙනස් කිරීම සඳහා ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියක් (National Sports Development Authority – NSDA) ස්ථාපිත කළ යුතු බවයි.

එසේම එම අධිකාරියට ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගම් නියාමනය කිරීම වෙනුවෙන් සියලුම ක්‍රීඩා සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය සහ පූර්ණ අධීක්ෂණය හිමි විය යුතු බවටද යෝජනා කර තිබෙනවා.

මෙම ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරිය මූලික අරමුණු 8ක් සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු බව ද අධ්‍යයන කමිටු වාර්තාව විසින් යෝජනා කර තිබෙනවා.

එසේම එම අධිකාරිය සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත විය යුතු බවට ද යෝජනා කර ඇති බව සඳහන්. මෙහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජාතික ඔලිම්පික් කමිටුවෙහි (NOC) සභාපතිවරයා නිල බලයෙන් යෝජිත අධිකාරිය සඳහා පත්වන අතර, යම් ක්ෂේත්‍රයක හෝ ව්‍යාපාර හා වාණිජ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෘත්තිකයන් තිදෙනෙකු, ජාතික ක්‍රීඩා කණ්ඩායමක හිටපු නායකයන් හෝ ක්‍රීඩාවට හා රටට සුවිශේෂී සේවාවක් ලබාදුන් පුද්ගලයින් අතුරින් 02 දෙනෙකු, ජාතික ඔලිම්පික් කමිටුව යටතට අයත් නොවන ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක (NSA) ක හිටපු සභාපතිවරයෙකු මෙන්ම මුදල්, අධ්‍යාපන හා සෞඛ්‍ය යන අමාත්‍යාංශ තුනෙහි ලේකම්වරුන් විසින් නම් කරන නියෝජිතයන් තිදෙනෙකුගෙන් සමන්විත විය යුතු බවටද යෝජනා කර තිබෙනවා.

යෝජිත ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ නිල කාලය වසර 04ක් වන අතර, ඒ සඳහා නම් කිරීමෙන් සහ නිල බලයෙන් පත්වන සාමාජිකයින් හැර අනෙක් සියලුම සාමාජික තනතුරු සඳහා පත්කිරිම් සිදු කිරීමට අදාළ නාමයෝජනාවන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර අනුමැතිය ලබාගත යුතු බවටයි යෝජනා කර ඇත්තේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙම සාමාජිකයින් අතුරින් සුදුසු පුද්ගලයෙකු අධිකාරියේ සභාපතිවරයා ලෙස නම් කරමින් පත් කිරීමට කටයුතු කළ යුතු බවට ද විශේෂඥ අධ්‍යයන කමිටු වාර්තාව විසින් යෝජනා කර තිබෙනවා.

තවද, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) සහ අනෙකුත් ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනවල අවශ්‍යතාවන්ට අනුකූල වීම සඳහා ජාතික ක්‍රීඩා සංගම් පවත්වාගෙන යාමේදී අවම මැදිහත්වීමක් සහතික කිරීම සඳහා දේශපාලන බලපෑම් අවම කිරීමට කටයුතු කිරීමට මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේ පැමිණිලි සහ ආරවුල් විසඳීම සඳහා බලය සහිත විනිසුරුවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩා පැමිණිලි විසඳීමේ අධිකරණයක් (SGRT) පිහිටුවීමටත් මෙමඟින් යෝජනා කර තිබෙනවා. ඊට ඉදිරිපත් වන පැමිණිල්ලක් විසඳිම අවම වශයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සිදුකල යුතු බවද එහිදී අනිවාර්යය කර තිබෙනවා.

ඉහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් වත්මන් ක්‍රීඩා පනතෙහි පවතින නීතිමය රාමුවට සහ පරිපාලන ව්‍යුහයට සැලකිය යුතු සංශෝධන ගෙන ඒමට හැකිවනු ඇති බවට මෙම අධ්‍යයන කමිටුව විශ්වාසය පළකරන අතර මෙම වෙනස්කම් සිදු කිරීම සඳහා දැනට පවතින ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනත සංශෝධනය කිරීමෙන් හෝ එම නීතිය අහෝසි කිරීම සඳහා නව නීති සම්පාදනය කිරීමෙන් සිදු කළ හැකි බවටත්, නීතිමය සහාය සහ උපදෙස් සමගින් නව පනත් කෙටුම්පතක් සකස් කළ හැකි බවටයි මෙම අධ්‍යයන කමිටු වාර්තාව වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26