වික්‍රමසිංහ සහ මංගල, අමාත්‍යංශ ලේකම්වරු ලෙස පත්කෙරේ

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල පත් කර තිබෙනවා.

එමෙන්ම, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන ඩබ්ලිව්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ පත් කර ඇති බව වාර්තා වනවා.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම නිලධාරීන් වෙත භාරදෙනු ලැබුවා.

ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්.මංගල මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රමසම්පාදන (ආපදා කළමනාකරණ) ලෙස කටයුතු කළ අතර, ඩබ්ලිව්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධුරයේ කටයුතු කළා.