නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ කිසිදු දරුවෙක් අසමත් වන්නේ නැහැ – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ කිසිදු දරුවෙක් අසමත් නොවන බවත්, ශාස්ත්‍රීය සහ වෘත්තීය දෙඅංශයෙන්ම දරුවන්ට උසස් අධ්‍යාපනය දක්වා හදාරන්න දරුවන්ට අවස්ථාව ලැබෙන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

යාපනය තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේ ඊයේ (02) පැවති උතුරු පළාත් විද්වත් වෘත්තීකයින්ගේ හමුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

“සාම්ප්‍රදායික් අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශ්‍රාස්ත්‍රිය සහ වෘත්තීය යන දෙඅංශයෙන්ම දරුවන්න උසස් අධ්‍යාපනය දක්වා හදාරන්න නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුලින් කටයුතු නරනවා. තවමත් සමහර පිරිස් වැරදි මතවාද අරගෙන යනවා. ඉතිහාසය හා ආගම සහ සෞන්දර්යය විෂයන් යෝජිත ප්‍රතිසංස්කරණ මගින් විෂයමාලාවෙන් ඉවත්කර ඇති බවට, ඒ සාවද්‍ය ප්‍රකාශවල කිසිඳු පදනමක් නැහැ. ඉතිහාසය සෞන්දර්ය හෝ ආගම යන විෂයන් කිසිම ලෙසකින් විෂය මාලාවෙන් ඉවත් කර නැහැ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ශිෂ්‍ය ප්‍රජාව මත බර පටවන අධ්‍යාපනයක් වෙනුවට දරුවන්ට පීඩාවකින් තොරව ඉගෙන ගැනීමටත්, කැමැති විෂයන් වැඩිදුරටත් ඉගෙන ගනිමින් තම ජීවන වෘත්තීය තෝරාගැනීමටත් නිසි මගපෙන්වීමක් කරනවා.
වෘත්තීය අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය තුළට ගෙනවිත් ශාස්ත්‍රීය අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය යන විෂය ක්ෂේත්‍ර දෙකෙන් තමන්ට වඩාත් ගැළපෙන ක්ෂේත්‍රය තෝරාගැනීමට ශිෂ්‍යයන්ට අවස්ථාව ලැබෙනවා. වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ වනවිටත් සාදා නිම කළ අවසන් ප්‍රතිසංස්කරණය නෙමෙයි. විෂය ප්‍රවීණයන්,ගුරුවරුන් දෙමව්පියන් සහ සමාජයෙන් එන සාධනීය යෝජනා සහ චෝදනා සැලකිල්ලට ගනිමින්, අවශ්‍ය දේ උකහාගනිමින් අනවශ්‍ය දේ බැහැර කරමින් ඉදිරියට පියවරෙන් පියවර ඉදිරියට සිදුකරන්නට නියමිත ප්‍රතිසංස්කරණයක්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20