නව අගවිනිසුරු ධුරයට ප්‍රීති පද්මන් සූරසේනගේ නම ව්‍යවස්ථාදායක සභාව අනුමත කරයි

නව අගවිනිසුරු ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබෙනවා.

ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ, අනුව ඊයේ (23) රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේදී ඊට අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ජ්‍යේෂ්ඨතම විනිසුරුවරයෙකු වන ප්‍රීති පද්මන් සූරසේන මහතා මීට පෙර අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයෙකු ලෙසද සේවය කරනු ලැබුවා.

වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙම මස 27 වනදා එම ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted