නවීඩ් නවාස් බංග්ලාදේශයට

නවීඩ් නවාස් බංග්ලාදේශය වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස යළිත් වරක් තේරී පත්ව තිබෙනවා.

2026 දී පැවැත්වෙන යොවුන් ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

2022 වසරේ දී බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ දී එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවේ නවීඩ් නවාස් විසින්.

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ස්ටුවර්ට් ලෝගේ කොන්ත්‍රාත්තුව අලුත් නොකිරීමෙන් පසු බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කිරීමෙන් පසු නවීඩ් නවාස් එම තනතුර සඳහා කැඳවීමේ තීරණය කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

නවීඩ් නවාස් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, වසර දෙකක කාලයක් එම රාජකාරිය සිදුකිරීමෙන් පසු නැවත පැමිණෙන නවාස් පැවසුවේ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන්ගේ නව කණ්ඩායම දැනටමත් ශූරයන් වී ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නවීඩ් නවාස්,

“ඉදිරි වසර දෙක සඳහා සැලැස්ම ඉතා සරලයි, අපි දන්නවා වයස අවුරුදු 19න් පහළ පිරිමි ළමයින් ක්‍රීඩා කරන්නේ කුමන ආකාරයේ ක්‍රිකට් ද කියලා. බොහෝ දෘශ්‍යමාන බවක් තිබෙනවා. මගේ පළමු කාර්යය වන්නේ තේරීම් කමිටුව සමඟ වාඩි වී, ගැලපෙන සැලසුම් , අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් විශිෂ්ට කණ්ඩායමක් හදන්න මොන වගේ දක්ෂතා ද තියෙන්නේ කියලා සොයා බැලීම. අපට අවශ්‍ය වන්නේ ලොව පුරා සිටින දක්ෂතා තේරුම් අරගෙන අපගේ ක්‍රීඩකයින් තුළ ඇති සියලුම මිණුම් සලකුණු දමා වසර දෙකකින් එය කරා ළඟා වීමට උත්සාහ කිරීමයි. අපි කලින් කළේ එයයි. අපට අවශ්‍ය වන්නේ වසර දෙකකින් වෙනත් ඕනෑම කණ්ඩායමක් සමඟ සැසඳිය හැකි කණ්ඩායමක් ගොඩනැගීමටයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48