නවසීලන්ත සංචාරයට එක්වන T20 සහ ODI සංචිතය නම් කෙරේ – දුෂ්මන්ත චමීර ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නවසීලන්තයට එරෙහි T20 සහ ODI තරඟාවලියට සහභාගී වීම සඳහා සංචිතයන් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ මෙම සංචිතයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ අනුමැතිය ද හිමි වූ බවයි.

එක්දින තරඟාවලිය හෙට ආරම්භ වන අතර T20 තරඟාවලිය අප්‍රේල් 2 වනදා ආරම්භ වීමට නියමිතයි.

දුෂ්මන්ත චමීර මෙම සංචිත දෙකටම ඇතුළත් කළ ද, ඔහු දැනුම් දී ඇත්තේ ආබාධිත තත්වය තවමත් සුව අතට පත්වී නොමැති බවින් සංචාරයට එක්වීමට නොහැකි වනු ඇති බවටයි.

වම් වළලුකර සැත්කමෙන් පසු දුෂ්මන්ත චමීර තවමත් සුවය ලබමිනුයි පසුවන්නේ. මේ හේතුව මත ඔහු වෙනුවෙන් සංචිතයට මතීෂ පතිරණ නම් කර තිබෙනවා.

මේ අතර ක්‍රීඩක ධනංජය ද සිල්වා නවසීලන්තයට එරෙහිව හෙට පැවැත්වෙන තරගයේ අංක 7 ස්ථානයේ පන්දුවට පහරදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හෙට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11දෙනා අතරට ඇතුළත් කර නැහැ.

එමෙන්ම අනෙක් එක්දින තරග 2 සඳහා ද ධනංජය ද සිල්වාගේ සහභාගීත්වය අවිනිශ්චිත බවටයි වාර්තා වන්නේ.

මේ වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සෘජුව සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඇති අවසන් අවස්ථාව හෙට උදාවනවා.

ඒ නවසීලන්තයට එරෙහි එක්දින තරඟාවලියයි.

දෙරට අතර තරඟාවලියට තරඟ 03ක් ඇතුලත්. ශ්‍රී ලංකාව මෙම තරඟ තුනම ජයගතහොත් ඔවුන්ට එළඹෙන එක්දින ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබාගැනීමට අවස්ථාවක් උදාවනු ඇති.

කෙසේවෙතත් දකුණු අප්‍රිකාව හා නෙදර්ලන්තය අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ ප්‍රතිඵල ද ශ්‍රී ලංකාවේ තීරණයට බලපාන බවයි ක්‍රිකට් වාර්තා පෙන්වා දෙන්නේ.

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව පසුවන්නේ දසවන ස්ථානයේයි. දකුණු අප්‍රිකාව 09 වන ස්ථානයේ පසුවනවා.

මේ අතර වසර දෙකකට පසු ඇන්ජලෝ මැතිව්ස් හෙට තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

ODI
දසුන් ශානක – නායක
පැතුම් නිශ්ශංක
නුවනිදු ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස් – (Wk & Batsman) – උප නායක
ඇන්ජලෝ මැතිව්ස්
චරිත් අසලංක
සධීර සමරවික්‍රම
ධනංජය ද සිල්වා
සහන් ආරච්චිගේ
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මහේෂ් තීක්ෂණ
කසුන් රාජිත
ලහිරු කුමාර
ප්‍රමෝද් මධුෂාන්
ඩිල්ෂාන් මධුශංක
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර වෙනුවට මතීෂ පතිරණ

T201

දසුන් ශානක – නායක
පැතුම් නිශ්ශංක
කුසල් මෙන්ඩිස් (කඩුලු රකින ක්‍රීඩක සහ පිතිකරු)
ධනංජය ද සිල්වා
චරිත් අසලංක
කුසල් ජනිත් පෙරේරා
ලසිත් කෲස්පුල්ලේ
සධීර සමරවික්‍රම
නුවනිදු ප්‍රනාන්දු
වනිඳු හසරංග – උප නායක
මහේෂ් තීක්ෂණ
දුනිත් වෙල්ලාලගේ
කසුන් රාජිත
ලහිරු කුමාර
ඩිල්ෂාන් මධුශංක
චාමික කරුණාරත්න
මතීෂ පතිරණ
දුෂ්මන්ත චමීර වෙනුවට ප්‍රමෝද් මධුෂාන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27