spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නවසීලන්ත තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම රදැල්ලට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයට පෙර රදැල්ලේ දී නේවාසික පුහුණු කඳවුරකට එක්වීමට නියමිත බව වාර්තා වනවා.

පෙබරවාරි 16 සිට 23 දක්වා රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම නේවාසික පුහුණු කඳවුර පැවැත්වෙන බවයි තොරතුරු වාර්තා වන්නේ.

නවසීලන්තයේ දේශගුණික තත්ත්වයන්ට සහ තණතිලිවලට හුරුවීමට කණ්ඩායමට මෙම කඳවුර උපකාර වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

කලක් ජාත්‍යනතර ක්‍රිකට් තරග පැවැත් වූ රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය සැළකෙන්නේ වේග පන්දු යවන්නන්ට ඉතා යෝග්‍ය හොදින් පන්දුව දෝලනය කළ හැකි ක්‍රීඩාංගනයක් ලෙසයි.

නවසීලන්ත, ඕස්ට්‍රේලියානු ක්‍රීඩාංගණවල ඇති තණතිලි වලට සමානකමක් මෙම රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතිල්ලේ දැකගත හැකි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?