spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නවසීලන්තය පරදා ඉන්දියාවට පහසු ජයක්…

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 372ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ නවසීලන්ත කඩුලු 5, තරගයේ 5 වැනි දිනයේ විනාඩි 45ක් ඇතුළත ලබා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.නවසීලන්ත ක්‍රීඩකයෝ අද දිනය අරඹන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 140ක් ලබා සිටියහ. ඔවුන් ගේ ඉලක්කය වූයේ ලකුණු 540කි.

නමුත් ඔවුන් සියලුදෙනා ලකුණු 167කට දැවී ගියේය.නවසීලන්තය වෙනුවෙන් ලකුණු රැස් කල ඩැරිල් මිචල් ලකුණු 60ක් ලබාගත් අතර හෙන්රි නිකල්ස් ලකුණු 44යි.

පන්දු යැවීමෙන් රවිචන්ද්‍රන් අශ්වින් සහ ජයන්ට් යාදව් කඩුලු 4 බැගින් දවාගත්තේය.මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 325ක් රැස්කළේය. ඊට පිළිතුරු ලෙස නවසීලන්ත ක්‍රීඩකයින්ට සිය පළමු ඉනිම සඳහා රැස්කළ හැකිවූයේ ලකුණු 62ක් පමණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?