spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නවසීලන්තයේ ශ්‍රී ලාංකිකයින් අද සාමකාමී විරෝධතාවයක

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්වයට විරෝධය පළකර නවසීලන්තයේ හැමිල්ටන් නුවර වාසය කරන ලාංකිකයන් පිරිසක් සාමකාමී විරෝධතාවයක නිරත වනවා.

ශ්‍රී ලංකා ජාතික ධජ සහ විරෝධතා පාඨ ප්‍රදර්ශනය කරමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණයක නිරත වන බවයි එරට වාර්තා සඳහන් කලේ.

ඇතැම් විරෝධතාකරුවන් හැමිල්ටන් නගර මධ්‍යයේ රථවාහන නලා ශබ්ද කරමින් ශ්‍රී ලංකාවට සහය පළකර ඇති බවද වාර්තා වනවා.

මෙම විරෝධතාවය සඳහා නවසීලන්තයේ ජනාකීර්ණම නගරය වන ඕක්ලන්ඩ් නගරයේ සිට පවා අධික දුරක් ගෙවා දමමින් ලාංකිකයන් පැමිණ සිටීම විශේෂත්වයක්.

නවසීලන්ත වාර්තාවල දැක්වෙන්නේ විශාල පිරිසක් මීට සහභාගී වී සිටි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?