නවසීලන්තයේ කිරි නිෂ්පාදන සඳහා ඉන්දීය වෙළඳපොලේ දැවැන්ත ඉඩක් – මෝදිගේ සංචාරයෙන් දෙරටටම වාසි රැසක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් සිදුකළ ඓතිහාසික නවසීලන්ත සංචාරය අතරතුරදී දෙරට අතර ඇති කරගත් නව නිදහස් වෙළඳ ගිවිසුම ද්විපාර්ශ්වික සබඳතාවල නව යුගයක ආරම්භය සනිටුහන් කරන බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරනවා.

ඕක්ලන්ඩ් නුවරදී පැවැත්වුණු මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුවේදී ඉතා කෙටි කාලසීමාවක් තුළ මෙම වැදගත් වෙළඳ ගිවිසුම අවසන් කිරීමට සහාය දීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයා නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් වෙත සිය විශේෂ ස්තුතිය පුද කර සිටියා.

වසර 40කට පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදුකළ ප්‍රථම නිල සංචාරය ලෙස සනිටුහන් වන මෙම ඓතිහාසික ගමනේ ප්‍රධානතම අරමුණ වූයේ දෙරට අතර පවතින සබඳතා ශක්තිමත් උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා ඉහළ නැංවීමයි.

මෙම නව නිදහස් වෙළඳ ගිවිසුම හරහා දෙරට අතර හුවමාරු වන භාණ්ඩ හා සේවා සඳහා පනවා තිබූ රේගු බදු විශාල වශයෙන් ඉවත් කිරීමට හෝ අඩු කිරීමට නියමිත බැවින් දෙපාර්ශවයටම දැවැන්ත ආර්ථික ප්‍රතිලාභ රැසක් හිමිවනවා.

මේ යටතේ නවසීලන්තයේ කෘෂිකාර්මික හා කිරි නිෂ්පාදන සඳහා ඉන්දීය වෙළඳපොළ විවෘත වන අතරම, ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ සහ ඖෂධ ක්ෂේත්‍රයන්ට නවසීලන්තය තුළ පුළුල් ප්‍රවේශයක් හිමිවනවා.

ඊට අමතරව දෙරටේ ශිෂ්‍ය හුවමාරු වැඩසටහන්, වෘත්තීය පුහුණුව සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ද මෙමඟින් නව මාවත් විවෘත වනවා.

දිගුකාලීන සමුද්‍රීය සබඳතා පවතින මෙම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක අතර ඇති වූ නව එකඟතාව, ඉන්දු-පැසිෆික් කලාපයේ ආර්ථික ස්ථාවරත්වයට මෙන්ම කලාපීය ආරක්ෂාව සහ සමබරතාව පවත්වා ගැනීමට බෙහෙවින් ඉවහල් වනු ඇතැයි ආර්ථික විචාරකයෝ පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57