නවසීලන්තයේදී දියේ ගිලීමෙන් ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට

නවසීලන්තයේ ඕක්ලන්ඩ් වෙරළ තීරයේදී පසුගියදා අතුරුදහන් වූ ශ්‍රී ලංකික තරුණයෙකුගේ සිරුර හමුවී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි හිරාන් ජෝශප් නම් තරුණයෙක්. ඔහු අතුරුදන් වූයේ පසුගිය 2 වැනිදා ඕක්ලන්ඩ් හි කරෝයිටාහි වෙරළ තීරයේදීයි.

ඔහු තම වැඩිමහල් සහෝදරයා සහ සමීප මිතුරෙකු සමඟ පිහිනමින් සිටියදී මෙලෙස අතුරුදන්ව තිබෙනවා. ඔහුගේ සහෝදරයා සහ මිතුරා වෙරළට ආපසු ගිය නමුත් ජෝසප් අතුරුදහන් වී තිබුණා.

සෙවීමේ සහ ගලවා ගැනීමේ කාර්ය මණ්ඩලයට අතුරුදහන් වූ පිහිනුම් ක්‍රීඩකයාගේ සිරුර ඔහු අතුරුදහන් වූ ස්ථානයට කිලෝමීටර් 20ක් පමණ ඔබ්බෙන් වූ හැමිල්ටන් ගැප් ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

ඔහු හමුවීමට පෙර ජීවිතාරක්ෂක කණ්ඩායම් දින පහක් එක දිගට ඕක්ලන්ඩ්හි නිරිතදිග වෙරළ තීරයේ සෝදිසි කර තිබූ බව සඳහන්.

ඔහු දක්ෂ පිහිනුම් ක්‍රීඩකයෙකු වූව ද ගසාගෙන යන රළ පහරට එරෙහිව සටන් කිරීමට ඔහුට හැකිවී නැහැ.

එක්වරම ඇති වූ දැඩි මුහුදු ප්‍රවාහයන් නිසා හිරාන් ඇතුලු තුන්දෙනා රළ පහරට හසුවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

වෙරළේ සිටි ධීවරයින් කිහිප දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ 2 වනදා මුහුද ඉතා රළු වී තිබූ බවයි.

නවසීලන්තයේ ජල ආරක්ෂණ ඒකකය පවසන්නේ දියේ ගිලීම නවසීලන්තයේ හදිසි අනතුරු මරණවලින් තුන්වන තැන ගන්නා බවයි.

නවසීලන්තයේ ජල ආරක්ෂණය 2023 දී වළක්වා ගත හැකිව තිබූ දියේ ගිලී මියයෑම් 90ක් වාර්තා කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37