spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නවසීලන්තයට ලකුණු 149ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් නවසීලන්තයට ලකුණු 149ක ජයක් හිමිවුණා.

චෙන්නායිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 288ක් රැස් කළා.

Glenn Phillips ලකුණු 71යි. Tom Latham ලකුණු 68ක් රැස් කළා. Will Young ලකුණු 52ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Naveen-ul-Haq සහ Azmatullah Omarzai කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථානයට හිමිවූ ඉලක්කය ලකුණු 289ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 34යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 139ක් පමණයි.

Rahmat Shah ලකුණු 36ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Mitchell Santner සහ Lockie Ferguson කඩුලු 3 බැගින් බිඳ හෙලුවා. Trent Boult කඩුලු 2 යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?