spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නවතා තිබූ ලොරි රථයක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ යතුරුපැදිකරු

අනුරාධපුර, පාදෙණිය මාර්ගයේ මීගස් හන්දිය අසලදී යතුරුපැදි අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (06) රාත්‍රියේ පාදෙණිය සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ යතුරුපැදියක්, කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු වයස අවුරුදු 23ක ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය ගල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්ගමුව පොලිසිය විසින් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?