නවතම අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය එළිදකී

නාසා ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මිනිසුන් සහිත මීළඟ චන්ද්‍ර මෙහෙයුම වන ආටෙමිස් (Artemis) මෙහෙයුමේදී චන්ද්‍රයා වෙත යන ගගනගාමීන් අඳිනු ලබන නවතම අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය පසුගියදා ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් හිදී එළිදැක් වුණා.

මෙම නවතම අභ්‍යවකාශ ඇඳුම මූලිකව කළුපැහැයෙන් යුක්ත වන අතර එහි තැඹිලි සහ නිල් පැහැයද ඇතුළත්.

මෙම ඇඳුම ගගනගාමීන්ගේ සිරුරට වඩාත් සරිලන, නම්‍යශීලී ආකාරයෙන් නිපදවා තිබෙනවා.

ඒ අනුව, නාසා ආයතනය දැනට දශක කිහිපයකට පෙර ක්‍රියාත්මක කළ සුප්‍රසිද්ධ ඇපොලෝ මෙහෙයුමේදී ගගනගාමීන් ඇදි බරසාර අභ්‍යවකාශ ඇඳුමට වඩා මෙය හුරුබුහුටි ඇදුමක්.

මෙම ඇඳුම ඔවුන් Axiom Extravehicular Mobility Unit හෙවත් AzEMU ලෙස නම් කර තිබෙනවා.

තවමත් මූලාකෘතියක් ලෙස ඉදිරිපත්ව ඇති මෙම නවතම අභ්‍යවකාශ ඇදුම සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සහ වැඩිදියුණු කිරීම් සිදුකළ යුතුව ඇති බවයි නාසා ආයතනය පවසන්නේ.

නාසා ආයතනය මෙම නවතම අභ්‍යවකාශ ඇඳුම නිර්මාණයේදී සුප්‍රසිද්ධ ඇදුම් මෝස්තර නිර්මාණශිල්පියෙකු වන ඊස්ටර් මාර්කියුස්ගේ සහාය ද ලබාගෙන තිබෙනවා.

මෙම ඇඳුම හූස්ටන්හි පිහිටි Axiom Space සමාගම එය නිෂ්පාදනය කර ඇති අතර ඒ සඳහා නාසා ආයතනය මගින් එම සමාගමට පිරිනැමූ කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 228.5ක්.

මෙම එළිදැක්වීමේදී එම සමාගමේ ප්‍රධාන ඉංජිනේරු ජිමි ස්ටෙයින් මෙම නවතම අභ්‍යවකාශ ඇඳුම පැළඳ පෙන්වා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම AzEMU අභ්‍යවකාශ ඇඳුමේ අවසන් හැඩය පිළිබඳ කරුණු තවදුරටත් රහසක් ලෙස පවත්වාගෙන යාමටයි නාසා ආයතනය කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48