spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නවගමුව ඇසළ පෙරහැර හේතුවෙන් මාර්ග කිහිපයක වාහන ගමනාගමනයට සීමා

නවගමුව පුරාණ ශ්‍රී මහා පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර හේතුවෙන් එම ප්‍රදේශයේ අවට මාර්ගවල හෙට (02) සහ අනිද්දා (03) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

රන්දෝලි මහා පෙරහැර හෙට සහ දිය කපන පෙරහැර අනිද්දා පැවැත්වීමට නියමිතයි.

මෙම දිනවල මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන අතර ඒ අනුව රියදුරන්ට සිදුවන අපහසුතාව මගහරවා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි දැනුම් දෙන්නේ.

රන්දෝලි පෙරහැර හෙට රාත්‍රී 7 සිට පසු දින අලුයම 1.30 දක්වා ද දිය කපන පෙරහැර 03 වනදා උදෑසන 9 සිට දහවල් 2 දක්වා ද ගමන් කෙරෙනවා.

මෙම පෙරහැර අතර අවිස්සාවේල්ල කොළඹ පරණ පාර ලෝලෙවල් මාර්ගය වෙලේ හන්දියෙන් සහ රනාල හන්දියෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

Nawagamuwa Traffic1
Nawagamuwa Traffic2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?