නවගමුව ඇසළ පෙරහැර හේතුවෙන් මාර්ග කිහිපයක වාහන ගමනාගමනයට සීමා

නවගමුව පුරාණ ශ්‍රී මහා පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර හේතුවෙන් එම ප්‍රදේශයේ අවට මාර්ගවල හෙට (02) සහ අනිද්දා (03) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

රන්දෝලි මහා පෙරහැර හෙට සහ දිය කපන පෙරහැර අනිද්දා පැවැත්වීමට නියමිතයි.

මෙම දිනවල මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන අතර ඒ අනුව රියදුරන්ට සිදුවන අපහසුතාව මගහරවා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි දැනුම් දෙන්නේ.

රන්දෝලි පෙරහැර හෙට රාත්‍රී 7 සිට පසු දින අලුයම 1.30 දක්වා ද දිය කපන පෙරහැර 03 වනදා උදෑසන 9 සිට දහවල් 2 දක්වා ද ගමන් කෙරෙනවා.

මෙම පෙරහැර අතර අවිස්සාවේල්ල කොළඹ පරණ පාර ලෝලෙවල් මාර්ගය වෙලේ හන්දියෙන් සහ රනාල හන්දියෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

Nawagamuwa Traffic1
Nawagamuwa Traffic2 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14