නවගත්තේගම ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කරයි

රුපියල් දස දහසක් ඉල්ලා එය නොදුන්නා යැයි උරණ වී කාන්තාවකගේ කරාබු යුගලය කොල්ල කා, ගෙල පාදයෙන් සිරකොට ඝාතනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසනවා.

නවගත්තේගම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 30 ක් වන පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගැනුණා.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ දියණියගේ සැමියාට අයත් බ්ලොක් ගල් ව්‍යාපාරයක කම්කරුවෙකු ලෙස සේවය කළ අයෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති බවටයි මූලික පොලිස් විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

මෙම පුද්ගලයා විසින් මියගිය කාන්තාව පමණක් රැඳී සිටි නිවසට පැමිණ රුපියල් දස දහසක් ඉල්ලා තිබෙනවා.

එවැනි මුදලක් දීමට තමන් සතුව මුදල් නොමැති බව පැවසීමත් සමග දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙසේ මියගොස් ඇත්තේ කොට්ටාවේ පදිංචි දෝන ලීලා අබේරත්න නමැති 76 හැවිරිදි කාන්තාවක් .

සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18