නවක වෛද්‍යවරුන් 406ක් සහ හෙද හෙදියන් 2200ක් අලුතින් සෞඛ්‍ය සේවයට

නවක වෛද්‍යවරුන් 406ක් ලබන 27 වනදාට පෙර සීමාවාසික පුහුණුව සඳහා එක්කරමින් මෙරට සෞඛ්‍ය සේවයට බඳවාගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

එමෙන්ම හෙද සේවාව සඳහා ඉදිරි මාසය වනවිට 2200ක් බඳවා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තුම්පනේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

සෞඛ්‍ය සේවා නිලධාරීන් 222ක් සඳහා පසුගිය දා පත්වීම ලබාදුන් බවත්, තවත් 600ක් පමණ පිරිසක් පුහුණු කරමින් මෙම සේවාව සඳහා එක්කර ගැනීමට නියමිත බවයි කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහි දී පැවසුවේ.

එළබෙන අගෝස්තුව සහ සැප්තැම්බර් වනවිට සෞඛ්‍ය සේවාව ජනතාවට ඉහළ බලාපොරොත්තු තබාගත හැකි සාධනීය තත්ත්වයකට පත්වනු ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09