spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නයගරා ඇල්ලට ආසන්න මුරපොළක පිපිරුමක්

කැනඩා – අමෙරිකා දේශ සීමාවේ පිහිටා ඇති නයගරා දිය ඇල්ල ආසන්නයේ විශාල පිපිරුමක් සිදු ව තිබෙනවා.

මෙම පිපිරුම සිදු ව ඇත්තේ නයගරා දිය ඇල්ලට ගමන් ගන්නා රේන්බෝ පාලමේ කෙළවරක පිහිටි මුරපොළේ බවයි වාර්තා වන්නේ.

මෙම පිපිරුම හේතුවෙන් එක්සත් ජනපද – කැනඩා හරස් මාර්ග 04ක් වසා දමා තිබෙනවා.

නිව්යෝර්ක් ප්‍රාන්තයේ නයගරා ඇල්ලේ දෙරට යා කරන පාලමක් ලෙසයි රේන්බෝ පාලම හැඳින්වෙන්නේ.

එක්සත් ජනපදය පාර්ශ්වයේ තීරුවක මුරපොළක දී වාහනයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.

ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත්තේ මෙම වාහනය තුළ සිටි පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?