නතාෂාගේ මෝඩ චූන්වලට උඩගෙඩි දුන් අයත් සොයා විමර්ශන

නතාෂා එදිරිසූරිය නැමැති කාන්තාව බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයන් සිදුකරන අවස්ථාවේ දී එම ප්‍රකාශයන්ට සිනාසෙමින් එහි රැඳී සිටි පුද්ගලයින් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

එවැනි ප්‍රකාශයන් සිදුකිරීම සඳහා ඇයට උපදෙස් දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් ද අනාවරණය කරගැනීමට ද විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

ඒ, අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේ දී තවත් පුද්ගලයින් අත්අඩංගුවට පත්වනු ඇති බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.

මේ අතර නතාෂා එදිරිසූරිය නැමැත්තිය අදාළ අපහාසාත්මක ප්‍රකාශය සිදුකළ අවස්ථාවේ දී එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයින්ගේ ඡායාරූප සහ වීඩියෝ පට මේ වනවිටත් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

එමෙන්ම පෙරේදා (27) රාත්‍රියේ දී රටින් පිටවීමට යෑමේ දී කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණු නතාෂා එදිරිසූරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

ඒ, අදාළ තැනැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුව ඊයේ (28) දිනයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46