නත්තලේ අරුත ගැන කාදිනල් හිමිපාණන් පහදයි

නත්තලේ වටිනාකම රැඳී ඇත්තේ ලබාගන්නා දේවල් මත නොව පරිත්‍යාග කරන දේවල් මත බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කලුතර සිරිකුරුස විදුහලේ පැවති බලාපොරොත්තුවේ උපත නමින් නත්තල් කැරොල් බැතිගී ප්‍රසංගයකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළකළා.

මෙහිදී අසරණ පවුල් වෙත මූල්‍ය ආධාර ලබාදීමක් ද සිදු කෙරුණා.

ඊට අමතරව අඩු ආදායම් ලාභී දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීමක් ද සිදුවූ බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

මෙහිදී අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දුන්නේ අතීතයට සාපේක්ෂව වර්තමානයේ බොහෝ පවුල් දිළිඳු බවට පත්ව ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් මිලියන 6.1ක් දිනකට එක් ආහාර වේලක් හෝ නොගන්නා තත්වයට ශ්‍රී ලංකාව පත්ව ඇති බවට රෝමයේ සංවිධානයක් සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද කාදිනල් හිමිපානන් මෙහිදී සිහිපත් කළා.

මෙරට පාලකයන්ගේ දුර්දාන්ත වැඩපිළිවෙල හේතුවෙන් මෙවැනි තත්වයකට පත්ව ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

මෙවර නත්තලේ වගකීම දිළිඳූ අය සමග බෙදා ගැනීම බව ද කාදිනල් හිමිපානන් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22