spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නත්තලට සමගාමීව සිරකරුවන් 309කට නිදහස

නත්තල් දිනයට සමගාමීව සිරකරුවන් 309 දෙනෙකුට නිදහස් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

පිරිමි රැඳවියන් 306ක් සහ කාන්තාවන් 03 දෙනෙකු මෙම පිරිසට අයත්.

සුළු වැරදි සම්බන්ධයෙන් දඩුවම් ලබා සිටි ගෙවමින් සිටි දඩුවම අහෝසිවීම මෙන්ම දඩුවමින් හරි අඩක් ගෙවා ඇති සහ වයස අවුරුදු 65ට වැඩි වීම යන හේතුවද ඇතුලු කරුණු කිහිපයක් යටතේ මෙම රැඳවියන් නිදහස් කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මාස 1ක සමා කාලයක් අඩුවීම මත නිදහස් වන රැඳවියන් සංඛ්‍යාව 71ක්.

ගෙවමින් සිටින දඩ දඩුවම අහෝසිවීම මත රැඳවියන් 237ක් නිදහස් වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියාසිටියේ.

දඬුවමින් හරි අඩක් ගෙවා ඇති සහ වයස අවුරුදු 65ට වැඩි වීම හේතුවෙන් එක් රැඳවියෙකු නිදහස් කෙරෙනවා.

නිදහස් කෙරෙන රැඳවියන්ගෙන් 309 දෙනෙකුගෙන් 61 දෙනෙකු විසඳීමට ඇති වෙනත් නඩු සඳහා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?