නත්තලට ගෙදර යන රැඳවියන් 389

‘නත්තල් දිනය’ නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට කටයුතු යොදා තිබෙනවා.

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරවයි මෙම අවසරය ලබා දීමට තීරණය කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ.

මෙම විශේෂ සමාව ලැබෙන පිරිසට කාන්තා රැඳවියන් සිව්දෙනෙකු සහ පිරිමි රැඳවියන් 385 දෙනෙකු ඇතුළත්.

එක් වර්ෂයක් වෙනුවෙන් සතියක් සමාවක් ලැබී ඇති රැඳවියන් 25 දෙනෙකුත් ඔවුන්ට ඇති දඩ අහෝසි වීම මත හෙට (25) දිනයේ දී ජනාධිපති සමාව ලබනු ඇති.

හෙට දහවල් 12ට පෙර මෙම නිදහස ලැබූවන් නිවෙස් වෙත පිටත් කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මෙම නත්තල් සමාව මහර බන්ධනාගාරයේ රැඳවියන් 48 දෙනෙකුටත්, වාරියපොළ බන්ධනාගාරයේ රැඳවියන් 45 දෙනෙකුටත්, වැලිකඩ බන්ධනාගාරයේ 41 දෙනෙකුටත් හිමිව තිබෙනවා.

නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් (open visit) පෙන්වීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වනු ඇති.

මෙම වැඩසටහන හෙට උදේ 09 සිට පස්වරු 04 තෙක් ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

රැඳවියා බැලීම සඳහා ආහාර පාර්සලයක්, රස කැවිලි පාර්සලයක්, සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් රැගෙන ඒමට ද හැකියාව තිබෙනවා.

නමුත් මෙම සියලු ක්‍රියාවලිය පරීක්ෂාවට සහ නිරීක්ෂණය කිරීමට විශේෂ පොලිස් මෙහෙයුමක් ද ක්‍රියාත්මක බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11