නඩු භාණ්ඩ ගබඩාවෙන් ගංජා සොරාගෙන විකුණලා – අධිකරණ සේවකයාගේ ජාවාරම එළියට

වැල්ලවාය අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතව සිටි එහි කාර්යාල සේවකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කාර්යාල සේවකයා සමඟ මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ලද තොරතුරක් මත හපුතලේ ප්‍රදේශයේ දී ගංජා ග්‍රෑම් 555ක් සමඟ සැකකරුවෙකු පළමුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වල දී ජාවාරම සිදුකළ අධිකරණ කාර්යාල සේවකයා සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබෙනවා.

පසුව අදාළ ප්‍රධාන සැකකරු බෙරගල – වැල්ලවාය මාර්ගයේ අයිස්පීල්ල පාළම අසල දී ගංජා කිලෝ 04යි ග්‍රෑම් 305ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු වසර 25ක පමණ සිට විවිධ අධිකරණවල සේවය කර ඇති බවත්, නඩු ගබඩාවල ඇති ගංජා නිවසට රැගෙනවිත් නැවත පාර්සල්කර කලක පටන් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොහු හපුතලේ සහ කොස්ලන්ද ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඌව පළාත තුළ මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කොස්ලන්ද පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව බණ්ඩාරවෙල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39