spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නඩු භාණ්ඩ ගබඩාවෙන් ගංජා සොරාගෙන විකුණලා – අධිකරණ සේවකයාගේ ජාවාරම එළියට

වැල්ලවාය අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතව සිටි එහි කාර්යාල සේවකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කාර්යාල සේවකයා සමඟ මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ලද තොරතුරක් මත හපුතලේ ප්‍රදේශයේ දී ගංජා ග්‍රෑම් 555ක් සමඟ සැකකරුවෙකු පළමුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වල දී ජාවාරම සිදුකළ අධිකරණ කාර්යාල සේවකයා සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබෙනවා.

පසුව අදාළ ප්‍රධාන සැකකරු බෙරගල – වැල්ලවාය මාර්ගයේ අයිස්පීල්ල පාළම අසල දී ගංජා කිලෝ 04යි ග්‍රෑම් 305ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු වසර 25ක පමණ සිට විවිධ අධිකරණවල සේවය කර ඇති බවත්, නඩු ගබඩාවල ඇති ගංජා නිවසට රැගෙනවිත් නැවත පාර්සල්කර කලක පටන් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොහු හපුතලේ සහ කොස්ලන්ද ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඌව පළාත තුළ මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කොස්ලන්ද පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව බණ්ඩාරවෙල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?