නීතිමය කෘත්‍යයක් සඳහා අධිකරණ භාරයට ගැනුණු ගිනි අවියක් පරීක්ෂා කිරීමට යාමේ දී එය ක්‍රියාත්මක වී තිබෙනවා.
අද (04) දහවල් මෙම සිදුවීම සිදු ව ඇත්තේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී යි.
අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නිල මැදුරේ තබා තිබූ නඩු භාණ්ඩයක් වූ බඳින තුවක්කුවක් මුද්‍රා තැබීමට යාමේදීයි එය ක්‍රියාත්මක වී ඇත්තේ.
මෙමගින් කිසිවෙකුවත් තුවාල සිදු වී නොමැති බව ද වාර්තා වනවා.










