නඩු දොළහක් ඇති සැකකරු තරුණියක්ට කල හදිය

කොරෝනා වසංගතය නිසා නිරෝධායන නීතිය පනවා තිබියදී කුඩා බෝඩිං කාමරයක ජීවත් වූ පවුලක එක්දරු මවක් සාහසික ලෙස ඝාතනය කර තිබේ. මෙලෙස ඝා-නයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 23ක් වන වඩුවලාගේ ධම්මිකා ප්‍රියදර්ශනී නමැති එක් දරු මවකි. මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා (25) වැනි වියේ පසුවන එල්. කේ. චතුරංග පෙරේරා නමැති වෘත්තියෙන් පෙදරේරුවකි. සිව් හැවිරිදි දරුවා පෙර පාසල් යන වයසේ පසුවන එල්. තෙහාන් අදීශ බවත් පොලීසිය පැවසීය.

මෙම යුවළ සහ දරුවා පන්නිපිටිය ප්‍රගති මාවතේ පදිංචිව සිට ඇති බවත් පසුව මෙම බෝඩිං කාමරය වෙත මාස දෙකකට පමණ ඉහතදී පැමිණ තිබේ. මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා ඉකුත් 24 වැනිදා වැඩක් කිරීමට පන්නිපිටිය ගොස් තිබේ.

මියගිය කාන්තාව සහ කුඩා දරුවා පමණක් මෙම කාමරයේ සිට ඇති බවත් එම නිසා මෙම මරණය පිළිබඳව තමන්ට සැකයක් ඇති බව ස්වාමිපුරුෂයා විසින් මහරගම පොලිසියට සිදු කළ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පැවසීය. මෙම ඝාතනය සම්බන්ධයෙන් බෝඩිං කාමරවල පදිංචිව සිටින පුද්ගලයන් හා අවට නිවැසියන් කිහිප කිහිපදෙනකු කැඳවා සටහන් කරගත් ප්‍රකාශ අනුව විමර්ශන සිදු කරමින් සිටියදී යාබද බෝඩිං කාමරයේ පදිංචිව සිටින යුවළක් කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඝාතනයේ සුලමුල අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පැවැසීය.

ඉකුත් 24 වන දින අලූයම 01.15 පමණ යාබද බෝඩිං කාමරයේ පදිංචිව සිටින කාන්තාව ශරීර අවශ්‍යතාවක් සඳහා වැසිකිළියට යෑමට නිවසේ දොර විවෘත කිරීමේදී එම ශබ්දය තමන්ට ඇසුණු බවත් තරුණිය වැසිකිළියට ගොස් නැවත පැමිණීමේදී එම ස්ථානයේ පැවති ඝන අන්ධකාරයක් සමග තමා කාන්තාව වැළඳගෙන අතවරයක් කිරීමට සූදානම්වූ බව සැකකරු පොලිසියට පවසා තිබේ.

එම අවස්ථාවේදී කාන්තාව එයට විරෝධය පා තමන්ව තල්ලූ කර දැමූ බවත් ඉන්පසුව නැවත නැගිට තරුණිය අල්ලා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ඇය බිම ඇද වැටුණු බවත් එවිට ඇය උස් හඬින් කෑ ගැසීමට උත්සාහ කිරීමේදී ඒ අසල තිබූ ඉදල් මිටක් වැනි මුගුරකින් හිසට පහරදුන් බවත් සැකකරු පොලිසියට පවසා තිබේ. කාලයක සිට මෙම කාන්තාවගේ ඇසුර ලබා ගැනීමට තමන් කැමැත්තෙන් සිටි බවත් සැකකරු පාපොච්චාරණය කළ බවද පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ තරුණිය සිහිමුර්ජා වී සිටි බැවින් උස්සා ගෙන රැගෙනවිත් ඇය සිටින බෝඩිං කාමරේ ඇඳ මතට දැමූ බවත් එවිට එහි නිදා සිටි කුඩා දරුවා අවදිව මහ හඬින් අඬන්නට ගත් බවත් ඔහු පවසා තිබේ. එහිදී බියට පත්වී කාමරයෙන් පිටතට පැමිණ තමන් පදිංචිව සිටින බෝඩිං කාමරයට පැමිණ බිරිඳට වත් නොඇසෙන පරිදි නැවත නිදාගැනීමට ගිය බව පොලිසියට පවසා ඇත.

ඉන් පසුව දරුවාගේ හැඬීමේ ඒ ශබ්දය අසල්වැසි නිවසේ පාඩම් කරමින් සිටි දියණියකට ඇසීමත් සමග ඇය මේ පිළිබඳව එම නිවසේ මවට සහ පියාට දන්වා තිබේ. එම යුවළ මෙම බෝඩිං කාමරය දෙසට පැමිණ එබිකම් කර බැලීමේදී දරුවාගේ හැඞීමේ ශබ්දය නොනවතින බැවින් අසල්වාසීන් කිහිප දෙනෙකුටද කතා කොට කාමරය තුළට ගොස් පරීක්ෂා කර බැලීමේදී තරුණිය ඇඳ මත ලේ පෙරාගෙන වැටි සිටින ආකාරය දුටු ප්‍රදේශවාසීන් මේ පිළිබඳව ඇයගේ ස්වාමිපුරුෂයාට දුරකතනයෙන් කතා කොට දන්වා තිබේ. එසේ දැන්වීමෙන් අනතුරුව ඔහු ඥාතියකු සමග පැමිණ ප්‍රතිකාර ලබාදීම සඳහා කාන්තාව ත්‍රීරෝද රථයකින් කළුබෝවිල රෝහලට රැගෙන ගොස් තිබේ. එහිදී කාන්තාවගේ තත්ත්වය බරපතළ බැවින් වෛද්‍යවරුන් විසින් පවසා ඇත්තේ වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහල වෙත ඇය මාරුකර යවන බවය.

කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තත්ත්වය බරපතළ බැවින් දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී ඇති බවත් තරුණිය වන දින උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය පැවසීය. ස්ථානික පරීක්ෂණය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් පී. මංචනායක මහතා පැවැත්වීමෙන් අනතුරුව ඔහුගේ නියෝග පරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මාලිගාකන්ද අධිකරණයේ මහෙස්ත්‍රාත් තනූජා විජේතුංග මහත්මිය වෙත සිද්ධිය වාර්තා කිරීමෙන් අනතුරුව ලැබුණු නියෝග මත කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත මරණ පරීක්ෂණය කිරීම සඳහා බාරදී තිබේ. එහිදී කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එන්. රාහුල් හක් මහතා විසින් මෙම මරණය මොට ආයුධයකින් හෝ දණ්ඩක් වැනි දෙයකින් හිසට පහර දීමෙන් සිදුවූ තුවාල මත සිදුව ඇති බවට නිගමනය කර තිබේ. 38 වැනි වියේ පසුවන විවාහක සැකකරු පල්ලම පාර, ආඬිගම ලිපිනයේ පදිංචි කුලී වැඩ කරන්නෙකු බවත් සැකකරු මීට පෙරද අවස්ථා ගණනාවක දීම නිවාසයන්ට හොර රහසේ ඇතුළු වීම සම්බන්ධයෙන් අයුතු ඇතුල්වීම නඩු 12ක් පවතින බවත් පොලිසිය පවසයි.

මෙම මරණය අබිරහසක් ලෙස යටපත් වීමට දින තුනක් වැනි කෙටි කාලයකදී සොයාගැනීමට හැකිවීම පිළිබඳව මහරගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයාට ඇතුළු පොලිසියේ නිලධාරීන්ට ප්‍රශංසා කරන බවද ප්‍රදේශවාසීහු පැවසූහ. සැකකරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා නියෝග ලබා දී තිබේ.

එස්. ඞී. අබේසිංහ – මහරගම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09