නඩු කටයුතු අවසන් කළ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට යයි

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් කළ මත්ද්‍රව්‍ය තොගයක් හෙට (27) දිනයේ විනාශ කිරීමට නියමිත බව පොලිසිය දැනුම් දෙනවා.

ඒ, අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ
මත්ද්‍රව්‍ය තොගයක් සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ ඇති නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් මෙලෙස විනාශ කිරීමට නියමිතයි.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13යි ග්‍රෑම් 22ක්, කොකේන් කිලෝ 02යි ග්‍රෑම් 30ක්, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 39යි ග්‍රෑම් 710ක්, හෙරොයින් ග්‍රෑම් 156ක්, ගංජා හා හෂිෂ් කිලෝ 04යි ග්‍රෑම් 136ක්, මැන්ඩි කිලෝ 01යි ග්‍රෑම් 200ක් සහ මල්පෙති 26,262ක් මෙලෙස විනාශ කිරීමට නියමිතව තිබෙනවා.

මත්ද්‍රව්‍ය විනාශ කිරීමට වනාතවිල්ලුව ලැක්ටොවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහන උදුනේදී එම මත්ද්‍රව්‍ය තොගය විනාශ කරණ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.