පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදුකරන ලද වැටලීම් මගින් පොලිස් භාරයට ගෙන නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ 302කට ආසන්න ප්‍රමාණයක් අද (27) දිනයේදී විනාශ කිරීමට නියමිතයි.
බලපිටිය සහ හලාවත අධිකරණවල විභාග වූ නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝ 22යි ග්‍රෑම් 888ක්, කේරළ ගංජා කිලෝ 33 ග්‍රෑම් 172ක් සහ ගංජා කිලෝ 247යි ග්‍රෑම් 940ක ප්‍රමාණයක් මෙලෙස විනාශ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ, අනුව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තිබූ මත්ද්‍රව්‍ය තොගය අද (27) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ පිහිටි දහන උඳුන රැගෙන යාම ආරම්භ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













