නඩුව කල් දාන්න රුපියල් 20,000ක අල්ලසක් ඉල්ලූ පිස්කල්ට වැඩ වරදියි

මින්නේරිය නගරයේ දී සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් වන නඩුවක් කල් දමා ගැනීම සඳහා රුපියල් 20,000ක අල්ලස් මුදලක් ඉල්ලූ පිස්කල්වරයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පලිහවඩන ආරච්චිලාගේ රුවන් කපිල බණ්ඩාර නමැති පිස්කල්වරයෙකු විසිනුයි මෙම අල්ලස ලබා ගැනීමට උත්සාහ ගෙන ඇත්තේ.

ඔහු හිඟුරක්ගොඩ දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නියුතු වූවෙක් බවටත් හෙළි ව තිබෙනවා.

මෙම සැකකරු විසින් අදාළ වින්දිත පාර්ශ්වයෙන් අල්ලස් මුදල ඉල්ලා ඇත්තේ ඔහුගේ නඩු කටයුත්ත තමන් දෙවසරකින් කල් දමා දෙන්නම්; යැයි වූ පොරොන්දුවක් මත බවත් සඳහන්.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වින්දිත පාර්ශ්වය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති අතර; ඉන් පසුවයි සිද්ධියට සම්බන්ධ සැකකරුව ඊයේ (03) දින අත්අඩංගුවට ගැනුණේ.

අත් අඩංගුවට ගත් සැකකරු මේ වනවිට (04) පොළොන්නරුව පොලිස් භාරයේ පසුවන අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25