කෙහෙළිය යළි රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු පිරිස ලබන මස 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය මෙම නියෝගය නිකුත් කළේ ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ආනයනය කිරිමේ සිද්ධියට අදාළව අද දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන් පිරිසක් ඉදිරිපත් කළ අවස්ථාවේ දී.

මෙලෙස ලබන 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පිරිස අතරට හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක යන මහත්වරුන් ද ඇතුළත්.