නඩුවේ තීන්දුවෙන් පසු ධනුෂ්ක මුල්වරට හඬ අවදිකරයි

යළිත් තම ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පවසනවා.

එමෙන්ම තමන් ආපසු ගොස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොඉවසිල්ලෙන් බලා සිටින බවයි ගුණතිලක වැඩිදුරටත් පැවසුවේ.

“මගේ ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා, ඒ නිසා මට ආපසු ගොස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොඉවසිල්ලෙන් බලා සිටිනවා.” යනුවෙන් ගුණතිලක පැවසුවේ ඔහුට එරෙහිව ගොනුකර තිබූ නඩු විභාගයේ තීරණය අද (28) ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක,

“මට මේ වෙලාවේදී වැඩි දෙයක් කියන්න නැහැ, මා අමාරුවට වැටිලා හිටපු වෙලාවේ මා සමඟ සිටිමින් මා දිරිමත් කළ මාගේ නීතිඥවරුන් ඇතුළු සියලුම දෙනාට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. පසුගිය මාස 11ක කාලය තුළ මට ඉතා අමිහිරි කාල වකවානුවක් වුණා. අවසානයේ දී මාගේ නිර්දෝෂීභාවය විනිසුරුතුමා සනාථ කළා. දැන් මහේ ජීවිතය යළිත් සාමාන්‍ය අතට හැරී තිබෙනවා. මට යළිත් පිටියට ගොස් ක්‍රිකට් ක්‍රීඩාකරන තුරු මා නොඉවසිල්ලෙන් ඉන්නේ.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බවට ඕස්ට්‍රේලියානු සිඩ්නි අධිකරණය අද (28) දැනුම් දුන්නා.

ඒ, ඊට අදාළ තීන්දුව ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ප්‍රකාශයට පත් කරමින්.

ගුණතිලක පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටිය දී අත්අඩංගුවට පත් වුණේ ටින්ඩර් නම් සමාජ මාධ්‍ය යෙදවුම මඟින් හඳුනාගත් කාන්තාවක් ලිංගික ව අපයෝජනය කිරීම යන චෝදනාව යටතේයි.

එම චෝදනාවන්ට අදාළව සිදුකළ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එහි තීන්දුව විනිසුරු සාරා හියුගම් අද ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, ධනුෂ්ක ගුණතිලක මෙම චෝදනාවලට නිවැරදිකරු බවයි.

ඒ, අනුව අදාළ කාන්තාව ධනුෂ්ක ගුණතිලක එරෙහිව නඟන ලද සියලු චෝදනා අධිකරණයේ දී ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මේ අතර චෝදනාවලින් නිදොස්කොට නිදහස් වූ ධනුෂ්ක ගුණතිලක ලබන නොවැම්බර් මස 03 වනදා යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

  1. Very Happy news. My heartiest Congratulations to Danushka! My blessings for a v. successful return to his favourite and competent game cricket, while bringing foreign money to our country in this difficult time of our beloved country Srilanka.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී
01:34
Video thumbnail
ක්‍රීඩා ඇමතිට තදවෙයි - මගේ ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියත් එක්ක බේරගන්න
04:05
Video thumbnail
කවුරු කොහොම කෑගැහුවත් 22 කාටවත් නවත්වන්න බෑ
04:54
Video thumbnail
තරුණකුට ජීවිතය අහිමි කළ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට ඉක්මන් විසදුමක්
06:54
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32