spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ධීවර සහ නාවික ප්‍රජාවට අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවිඅක විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසෙින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහායි.

එම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ මුහුදු ප්‍රදේශයේ අද උදෑසන අඩු පීඩන කලාපක් නිර්මාණය වී ඇති බවයි.

එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ජනවාරි 31 වනදා වන විට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩකඩ පවතිනවා.

ඉන් පසු බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් පෙබරවාරි පළමුවනදා ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ළඟා වනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.

මේ හේතුවෙන් සමකයත් උතුරු අක්ෂාංශ 5 සහ නැගෙනහිර දේශාංශ 58 සහ 95 අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ක් 45ක් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකියි.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතිවීමේ හැකියාව පවතිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ අදාළ මුහුදු ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළ යාත්‍රා නොකරන ලෙසටයි.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතව සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම්දෙනවා.

ඊට අමතරව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසටයි ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?