ධීවර සංස්ථාවේ නව සභාපති ඩී. වී.උපුල්

ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දකුණු පළාත් සභාවේ හිටපු ඇමැති ඩී. වී. උපුල් මහතා පත් කර තිබෙනවා.

එම පත් කිරීමට අදාළ ලිපිය ඊයේ (04) ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා විසින් එම අමාත්‍යාංශයේදී සභාපතිවරයා වෙත ප්‍රදානය කළා.

ඩී.වී. උපුල් මහතා හිටපු ධීවර රාජ්‍ය ඇමැති හා වර්තමාන ඛනිජ තෙල් සම්පත් රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතාගේ පියායි.