ධීවර ප්‍රජාව විශේෂ ඉන්ධන සහනයක්

ධීවර ප්‍රජාව සඳහා විශේෂ ඉන්ධන සහනයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව ඩීසල් ලීටරයකට රුපියල් 25ක සහනයක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

ඊට අමතරව භූමිතෙල් සඳහා ද ලීටරයකට රුපියල් 25ක සහනයක් ලබාදීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

2024-10-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06ක කාලයක් සඳහා මෙම සහන ලබාදීමටයි කැබ්නට් අනුමැතිය හිමිව ඇත්තේ.

ඩීසල් හා භුමිතෙල්වල මිල සංශෝධනයන් සිදුකරන සෑම අවස්ථාවකදීම ඩීසල් සඳහා උපරිම සහන මිල රුපියල් 250ක සීමාවකට ද භූමිතෙල් සඳහා උපරිම සහන මිල රුපියල් 150කට ද යටත්ව මෙම සහනය ලබාදෙනු ඇති.

මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම සහන ලබාදෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18